ඔබට ඇඩ්සෙන්ස් හි මුදල් ලබාගැනීමටනම් USD $100 ක් උපායාගත යුතුයි. ශ්‍රී ලංකාව සඳහා වඩාත් උචිතම ඇඩ්සෙන්ස් ගෙවීම් ක්‍රමය වන්නේ Bank Transfer වේ. ඔබ Check ගෙවීම් ක්‍රමය තෝරාගත හොත් Check පත ලංකාවට පැමිනීමට ගූගල් හි පිටත් කර දවසේ සිට මාස එකහ මාරක් පමන ගත වේ. නමුත් Bank Transfer ගෙවීම් ක්‍රමයේදී ඇඩ්සෙන්ස් මුදල් ඔබගේ බැංකු ගිණුමට පැමිනීමට Google සමාගමෙන් ගෙවීම සිදු කළ අවස්තාවේ සිට දවසක් පමන ගත වේ. වඩා විස්වාසනීයම ගෙවීම් ක්‍රමය වන්නේ Bank transfer ගෙවීම් ක්‍රමයයි.
Tuesday, December 22, 2015
Monday, December 21, 2015
සාර්තකව ඇඩ්සෙන්ස් ගිණුමක් සාදාගන්නේ කොහොමද?
ඇඩ්සෙන්ස් යනු කුමක්දැයි මෙතනින් ගිහින් කියවන්න
ඇඩ්සෙන්ස් ගිණුමක් සෑදීමට පෙර ඇඩ්සෙන්ස් නීති හා පිලිවෙත් මෙතනින් ගිහින් කියවන්න.
සැකසුම්:
1. Country හෝ territory වලට Sri Lanka තෝරාගන්න.
2. Account type වලට individual තෝරාගෙන select කරන්න. සමාගමක් හෝ ව්යාපාරයක්නම් business ලෙස තෝරාගෙන select කරන්න.
3. Payee name එකට ඔබේ ( commercial හෝ HNB බැංකු ගිණුමක් ඇඩ්සෙන්ස් ගෙවීම් වලට තෝරාගැනීම වඩා සුදුසු වේ. )
ගෙවීම් අපේක්ෂා කරන බැංකු පොතේ තිබෙන ඔබේ වචන දෙකක නම අවමයෙන් ලබාදෙන්න.
4. Street Address එකට ඔබගේ සමාගමේ හෝ නිවසේ ලිපිනය ලබාදෙන්න.
5. City Town වලට ඔබ අයත් නගරය ලබාදෙන්න.
6. Postal Code එකට ඔයාගේ zip code එක ලබා දෙන්න. Zip code එක නොදන්න අය තමන්ගේ නගරය ගූගල් සර්ච් කර zip code එක සොයාගන්න.
7. Phone වලට ඔබ මේ වෙනවිටත් භාවිතා කරන phone number එකක් ලබාදෙන්න.
දැන් continue දෙන්න.
8. Time zone වලට colombo ලෙස තෝරගන්න.
9. Billing Currency වලට US Dollar ලබාදෙන්න ( එය ශ්‍රී ලංකාවේ අපට වාසී . USD 1 = LKR 137 . එය දිනෙන් දින වෙනස් විය හැක. )
දැන් continue දෙන්න
10. Adsense agreement එකට එකඟයි කියලා select කරන්න. ඉස්සරහට යන්න..
දැන් සියල්ල සාර්තකයි! ඔබ සාර්තකව ඇඩ්සෙන්ස් ගිණුමක් සාදාගෙන ඇත.
ඇඩ්සෙන්ස් YouTube වලට ගන්න හැටි
මුලින්ම ඔයා ඇඩ්සෙන්ස් ගිණුමක් සාදාගන්න. මෙතනින් ඇඩ්සෙන්ස් ගිණුමක් සැකසීමට අවශ්‍ය උපදෙස් ගන්න.
1. ගිණුම සාදාගත් පසු YouTube Channel එකක් මෙතනින් ගිහින් සාදාගන්න.
2. ඔබ YouTube Channel එකක් සාදාගත් පසු මෙතනින් ගිහින් ගිණුම verify කරගන්න. ඒ සඳහා ඔබගේ ජංගම දුරකතන අංකය භාවිතා කරන්න.
3. ඊලඟට රට වෙනස් කිරීමට අවශ්‍යයි. ( ශ්‍රී ලංකාවට YouTube ඇඩ්සෙන්ස් partnership එක ලබා නොදෙන නිසා )
මෙතනින් ගිහින් country වලට United States තෝරාගෙන save කරන්න.
4. ඊලඟට තමන්ගේ ගිණුම YouTube Adsense Monetize කිරීම සඳහා සැක්සුම් මෙතනින් ගිහින් ස්තානගත කරන්න.
සියල්ල සාර්තකයි! දැන් ඔබගේ YouTube Channel එකට Adsense සාර්තකව ලැබී ඇත.
දැන් වීඩියෝ එකක් උඩුගත කිරීමට මෙතනින් යන්න
වීඩියෝ එකක් උඩුගත වූ පසු එම විඩියෝවේ publishing සැකසුම් page එකට ගියාට පසු Monetisation ක්ලික් කර enable කරන්න.
ඇඩ්සෙන්ස් ගිණුම ස්ථීර ලෙස අවලංගු උවහොත් උපයා තිබූ මුදල් ගත හැකිද?
ඔබගේ ඇඩ්සෙන්ස් ගිණුම සිථීර ලෙස ආබාධිත වී ඇත්නම් ගූගල් සමාගම විසින් මෙම නියමයන් හා කොන්දේසී මත ගෙවීම අත්හිටුවනු ඇත. නියමයන් හා කොන්දේසි වල සඳහන් කර ඇති පරිදි කිසියම් පාරිශීලකයෙකු ඇඩ්සෙන්ස් හි පිලිවෙත් උල්ලංඝනයක් සිදු කර තිබේනම් මුදල් ගෙවීමේ අයිතිය රඳවා තබා ගනී. මෙසේ කිරීමට සිදු වන්නේ ඇඩ්සෙන්ස් වැඩසටහනේ තත්වය පවත්වා ගැනීමට හා ඇඩ්සෙන්ස් වැඩසටහන වර්ධනය කිරීම හේතුවෙනි. ආබාධිත ගිණුම හිමිකරුගේ ආදායම නැවත බලපෑමට ලක්වූ වෙළඳ දැන්වීම්කරු වෙත ආපසු යොමු කරනු ඇත.
ඇඩ්සෙන්ස් යනු?
ඇඩ්සෙන්ස් යනු ගූගල් සමාගම විසින් වෙළඳ දැන්වීම් ප්‍රචාරය සඳහා ඇති විස්වාසනීය හා කාර්යක්ෂම සේවාවකී. මෙම ඇඩ්සෙන්ස් වැඩසටහන මඟින් අන්තර්ජාල සේවා, වෙබ් පිටු, වීඩියෝ,රූප හෝ භාණ්ඩ ප්‍රචාරය කිරීමට හැකිය. දෙවනි මට්ටමේ ගෙවීම් කරන්නා මඟින් වෙළඳ දැන්වීමක් මුදල් ගෙවා පළ කිරීම සිදු කරන අතර එය ඇඩ්සෙන්ස් කණ්ඩායම විසින් සුරැකීම සිදු කරයි. ඉන්පසුව තෙවන මට්ටමේ ඇඩ්සෙන්ස් පාරිශීලකයා මුදල් ඉපයීමේ බලාපොරොත්තුවෙන් එම ඇඩ්සෙන්ස් වෙළඳ දැන්වීම් වැඩසටහන තමන්ගේ මෘදුකාංග, යූටියුබ් චැනල්ස්, වෙබ් අඩවි හෝ බ්ලොග් අඩවි වල ඇතුලත් කිරීම සිදු කරයි.